தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
කාලගුණ අනතුරු ඇඟවීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාලගුණ අනතුරු ඇඟවීමක්!



උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින ‘ගුලාබ්’ සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය 24 තුළ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින්විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

අද හවස් කාලයේ දිවයිනේ සුළං බහුල තත්වය මේ හේතුව නිසා සිදුවන්නක් ලෙසද දිවයින වටා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසද කාලගුණ පොර්තමේන්තුව ඉල්ලා සිටී. විශේෂයෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින්විට රළු හෝ ඉතා රළු වන බවද පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0-2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.