தமிழ்
English
Contact
Friday 20th July 2018    
කාලගුණ තත්වය පිළිබද අවධානයෙන් ඉන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාලගුණ තත්වය පිළිබද අවධානයෙන් ඉන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව



අද(10) දිනයේ සිට දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ අධික සුළං තත්වයක් විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අතර අදද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි  බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් උතුර, උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම තද සුළං තත්ත්වය හටගනු ඇත. මීට අමතරව පුත්තලම සිට කන්කසන්තුරය හා ත්‍රිකුණාමලය දක්වා සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා වැඩි විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිලිබඳ අවධානය යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.