தமிழ்
English
Contact
Thursday 5th December 2019    
කැකිරාවේ රිය අනතුරකින් සිසුන් තිදෙනෙක් මරුට - ප්‍රදේශවාසීන් A 9 අවහිර කරමින් විරෝධයේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කැකිරාවේ රිය අනතුරකින් සිසුන් තිදෙනෙක් මරුට – ප්‍රදේශවාසීන් A 9 අවහිර කරමින් විරෝධයේ



ඒ 9 මාර්ගය කැකිරාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් උපකාරක පංති යෑම සඳහා මාර්ගය අසළ රැඳී සිටි සිසුන් තිදෙනෙකු මරණයට පත්ව තිබේ. තුවාල ලැබූ එක් සිසුවෙකු දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙම සිද්ධිය මුල් කර ගනිමින් ඒ 9 මාර්ගය කැකිරාව කොරසගොල්ල හංදිය ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කරමින් ප්‍රදේශ වාසීන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවෙකු සහ 9ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.

අනතුර සිදුකළ ලොරි රථය නොනවත්වා වේගයෙන් කැකිරාව පොලිසියද පසු කර ධාවනය කර තිබෙන අතර පසුව කැකිරාව පොලිසිය අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් පසු කැකිරාව තලාව ප්‍රධාන මාර්ගයේ ලොරි රථය ධාවනය වෙමින් තිබියදී ඉපලෝගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශවාසීහු පොලිසියට විරෝධය එල්ල කරමින් පවසන්නේ අනතුර සිදුකළ වාහනය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කළ බවයි.