Posted on 01.08.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඊයේ(7) ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර, කැපිටල්හි පිහිටි සෙනෙට් ගොඩනැගිල්ලේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බරක් ශබාමා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකොට තිබෙනවා.
බලයේ සිටින ජනාධිපතිවරයා විසින් අවුලුවන ලද ප්රචණ්ඩත්වය නිසා ‘කැපිටල් ‘හි ඇතිවූ තත්වය ඉතිහාසයට එක් වේවි. මෙය අපේ ජාතියටම අගෞරවයක් යනුවෙන් බරක් ඔබාමා සිය ට්විටර් පනිවිඩයේ සදහන් කර ඇත.
එහි දි ඇමරිකාවේ ඡන්ද ප්‍රතිඵළ වාර්තා සම්බන්ධයෙන් බොරු චෝදනා කරමින් මේ ඇති කර ඇති විරෝධතාවයට හේතුව වී ඇත්තේ පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා එම පාර්ශව වෙතින් සිය පාක්ෂිකයින්ට සත්‍ය පැවසීම වසං කර ඇති බව ද ප්‍රකාශ කර තිබේ. දේශපාලනයට පොදු අරමුණක් යථා තත්වයට පත් කිරීම සඳහා ජනාධිපති-තේරී පත්වූ බිඩෙන් ක්‍රියා කරන බැවින් ඉදිරියේ දී ඇමරිකාවට මේ වගේ තවත් නායකයින් අවශ්‍යය බවත් ඔබාමා සිය ට්විටර් සටහනේ පවසා තිබේ.
2020 නොවැම්බර් 3 වැනිදා පැවති එක්සත් ජනපද ජනාධිපතිවරනයේ ප්‍රතිඵලය අනුව, තේරි පත්වූ ජෝ බයිඩ්න් ජනවාරි 20 ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.