Posted on 12.15.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු විදෙස් ආයෝජකයෙකුට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කෙසේවෙතත් ලංකා සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට (Adani Ports and Special Economic Zone Ltd) ලබාදීමේ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
නමුත් තවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇති පරිදි අනුමැතිය ලැබී ඇත්තේ ඉන්දිය සහ ජපන් විදෙස් ආයෝජකයන්ට ලබාදීමටයි. මෙම යෝජනාව අනුව කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, ජපානය සහ ශ්රී ලංකා වරාය අධිකාරිය (SLPA) එක්ව නව සමාගමක් පිහිටුවීමට රාජපක්ෂ රජය අවසානයේ තීරණය කර ඇත.
ඒ අනුව ශ්රී ලංකාවට 51% ක අයිතියකුත් ඉන්දු – ජපන් ආයෝජකයින්ට 49%ක අයිතියකුත් හිමි වන අතර ඉන් 15% සඳහා ඉන්දියාවේ අදානි සමාගම ආයෝජනය කිරීමට නියමිත බවද එම වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වේ.