தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
කැම්පස්වල නවක වදය වසරක් තුළ නවත්වනවා - බන්දුල ගුණවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කැම්පස්වල නවක වදය වසරක් තුළ නවත්වනවා – බන්දුල ගුණවර්ධන



විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මක නවක වදය වසරක් තුළ නැවත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

එසේම ලබන සතියේ අග්නිදිග විශ්ව විද්‍යාලයට ගොස් දිගුකාලයක් තිස්සේ ඇදී යමින් පවතින ගැටලුව පිළිබඳ සොයා බැලීමට සුදානම්ව සිටින බව ඇමතිවරයා පවසා ඇත. එහිදී සිසුන්, ආචාර්යවරුන් සහ පරිපාලනය යන සියලු පාර්ශ්ව සමඟ එම ප්‍රශ්නය සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද ඇමතිවරයා පවසයි.

විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ සහ පරිපාලනය විශ්ව විද්‍යාලය තුළ නීතිය නිසි ලෙස පවත්වාගෙන යා යුතු බවත් කිසිදු සිසුවෙකුට අයුක්තියට මුහුණ නොදෙන බවට ඔවුන් වග බලා ගත යුතු බවත් ඇමතිවරයා පවසා වැඩිදුරටත් පවසා තිබේ.

විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක නවක වාදය යනු ඉතා ඉකමනින් අවසන් විය යුතු පසුගාමී සමාජ අංගයකි. එහෙත් නවක වදය නවත්වන බව පවසමින් පාලකයන් ඉතිහාසය පුරාම සිදුකළේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනයට විවිධ නීති ක්‍රියාත්මක කිරීමයි. එම නිසා බන්ධුලගේ මෙම ප්‍රකාශය කොතෙක් දුරට විශ්වාස කළ හැකිද යන ප්‍රශ්නය මතුවේ.