தமிழ்
English
Contact
Monday 26th October 2020    
කැලණි ගඟ වනසන තහනම් කම්හල් ගැන තවම පියවර ගෙන නෑ !- පරිසරවේදීහු අනතුරු අඟවති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කැලණි ගඟ වනසන තහනම් කම්හල් ගැන තවම පියවර ගෙන නෑ !- පරිසරවේදීහු අනතුරු අඟවති



කැළනි ගං ඉවුර දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා 4000ක් පමණ පවතින බව පරිසරවේදීහු පවසති.
මේ වනවිට නාගරිකකරණය දැඩි ලෙස සිදුව ඇති කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කැලණි ගඟ දෙපස කර්මාන්තශාලා 7000ක් පමණ තිබේ. පරිසරවේදීන් අනාවරණය කරන පරිදි ඒ් අතුරින් පරිසර වාර්තා ලබාගෙන ඉදිකර ඇත්තේ කර්මාන්තශාලා 3000ක පමණ ප්‍රමාණයක් පමණකි.
පරිසර සංවිධාන නියෝජිතයින් සහ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවති සාකච්ඡාවකදී පරිසරවේදීන් මේ බව සඳහන් කළේය. ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය වන කැලණි ගඟ අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා පාරිසරික වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතු බවය.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කර්මාන්තශාලාවලින් අප-ජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය වහාම අධ්‍යයනය කළ යුතු බවත් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ දායකත්වය ලබාගත යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
ඒහිදී මහින්ද අමරවීර අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ කැලණි ගඟ දෙපස පවතින පරිසර වාර්තා ලබානොගෙන ඉදිකර ඇති කර්මාන්තශාලා පිළිබඳ අධ්‍යයනයක් සිදුකර තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙසය. මධ්‍යම පරිසර අධිකාරියට ඒ සම්බන්ධව උපදෙස් ලබාදුන් බව පරිසර අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. කෙසේවුවද මෙවැනි නීති විරෝධී කම්හල් පවත්වාගෙන යන්නට මග පාදාගෙන ඇත්තේ එදා මෙදා තුර දේශපාලන-නිලධාරි-සමාගම් අශුද්ධ සන්ධානයක් විසිනි. පරිසර අමාත්‍යංශය මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය තුළ සිටින දූෂිතයන් මෙන්ම දේශපාලන නායකත්වය වගකිව යුතු බව පරිසරවේදීහු චෝදනා කරති.