தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනෙකු රිමාන්ඩ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනෙකු රිමාන්ඩ්



කින්නියා ප්‍රදේශයේදී පාලම පාරුව පෙරළීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනෙකු දෙසැම්බර් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පොලිසිය විසින් සැකකරුවන් අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුව අද උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්‍රා කරමින් තිබූ එම පාරුව පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබුණි.

අනතුරින් තුවාල ලැබූ 20 දෙනෙකු රෝහල්ගත කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කින්නියා පොලිසිය විසින් සිදුකරයි.