தமிழ்
English
Contact
Saturday 26th May 2018    
කිම් ජොන් අන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ජුනි 12 සිංග්ප්පූරුවේදී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කිම් ජොන් අන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ජුනි 12 සිංග්ප්පූරුවේදී



එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුව එළැඹෙන ජුනි මස 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව බව විදෙස් මාධ්‍ය හෙළි කරයි.

1950  වසරේ සිටි දෙරට අතර රාජ්‍ය නායක හමුවක් පවත්වා නොමැත. කොරියානු යුද්ධයෙන් පසුව දෙපාර්ශවය විසින් විවිධ මට්ටමේ ගනුදෙනු කරනු ලැබ තිබුනත් නිල වශයෙන් කිසිදු රාජ්‍ය තාන්ත්‍රක කටයුත්තක් සිදු කර නොමැත.

පසුගිය වසරේ සිට දෙපාර්ශවය අතර එකිනෙකාට එරෙහිව න්‍යෂ්ඨික ප්‍රහාරයන් එල්ල කරන බවට තර්ජනය කරමින් පැවැති අතර මේ උණුසම් හා අවදානම් තත්වය පිළිබදව ලොව පුරා දැඩි අවදානය යොමුවිය.

විශේෂයෙන් චීනය,රුසියාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ මැදිහත්වීම හේතුවෙන් දෙපාර්ශවය අතර පැවතුනු ප්‍රතිවිරෝධයන් යම් පමණකට සමනය කොට නැවතත් සාකච්ජා මගින් ප්‍රශ්න විසදා ගැනීමේ අවස්ථාවක් නිර්මාණය කිරීමට අවස්ථාව සලසා ඇත.