தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
කියනකොට එහෙමයි, කරන කොට මෙහෙමයි! - ගෑස් සමාගම්වලට නඩු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කියනකොට එහෙමයි, කරන කොට මෙහෙමයි! – ගෑස් සමාගම්වලට නඩු!



ලීටර් 18 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර වෙළදපොළට හඳුන්වා දෙමින් වැඩි ලාභ ඉපයීම පිණිස ගෘහස්ත ගෑස්වල තත්වය බාල කිරීම සම්බන්ධව ගෑස් සමාගම්වලට නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇත.

මෑතක දී අඩු මිලට මිලදී ගැනීමට හැකි බව පවසමින් හඳුන්වා දෙන ලද මෙම නව ගෑස් සිලින්ඩරයේ රසායනික සංයුතිය වෙනස් කර වඩාත් කාර්යක්ෂම ගෑස් අඩංගුකර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමෙන් පවසන නමුත් පැරණි සිිලින්ඩරයේත් නව සිලින්ඩරයේත් ඇත්තේ එකම සංයුතියක් බව පාරිභෝගික සේවා අධිකාරිය රසායනාගාර පරික්ෂාවකින් අනාවරණය කරගෙන ඇත.

සමාගම විසින් ප්‍රකාශකර ඇත්තේ කිලෝග්‍රෑම් 9 නව ගෑස් සිලින්ඩරය පාරිභෝගිකයාට වාසිදායක ලෙස නිමවා ඇති බවය. කිලෝ ග්‍රෑ 12.5 ක බරින් යුතුව තිබු පැරණි ගෑස් සිලින්ඩරයේ බියුටේන් 80% ක් ද ප්‍රොපේන් 20% ද පැවැති බවත් එහෙත්, ලීටර් 18 ක් ලෙසින් හඳුන්වා දුන් කි.ග්‍රෑ.9 නව සිලින්ඩරයේ බියුටේන් 50-60% ක් අතර ද ප්‍රොපේන් 40 – 50$ අතර ද පවතින බව එම සමාගම පාරිභෝගික සේවා අධිකාරියට පවසා තිබිණි. නමුත් මොරටුව විශ්ව විද්‍යාලය පර්යේෂණාගාරයක දී සිදුකළ පරික්ෂාවකින් හෙළි වූයේ පෙර සිලින්ඩරයේ මෙන්ම නව සිලින්ඩරයේ ද ගෑස්වල සංයුතිය පවතින්නේ බියුටේන් සියයට 50 හා ප්‍රොපේන් සියයට 50 වශයෙන් අඩංගු බවය. ඒ අනුව, ගෑස් සමාගම් විසින් දිගින් දිගටම පාරිභෝගික ජනතාවට ප්‍රකාශකරන කරුණු හා සත්‍යතාව අතර ඇත්තේ විශාල පරතරයක් බව අනාවරණය වී ඇත.

දැවැන්ත ප්‍රමාණයෙන් මුදල් වියදම්කරමින් ජනමාධ්‍ය දැන්වීම් හරහා ද මෙම නව ගෑස් සිලින්ඩරය වාසිදායක බවට ව්‍යාජ තොරතුරු ජනතාව අතරට යවා පාරිභොගිකයා රවටා ඇති බැවින් මේ සම්බන්ධව එම සමාගමට නඩු පැවරීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.