தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
කියුබාවේ පෞද්ගලික දේපළ සම්බන්ධ ජනමත විමසුමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කියුබාවේ පෞද්ගලික දේපළ සම්බන්ධ ජනමත විමසුමක්!



කියුබාවේ අද(24) කැදවා ඇති ජනමත විචාරණය එරටට හදුන්වා දෙමින් යන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ අතර තීරණාත්මක කඩඉමක් ලෙස ඇතැම් විචාරකයන් විසින් හදුන්වා ඇත.

මෙම ජනමත විමසුමේදී 1976 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා හදුන්වා දෙන්නට යන සංශෝධන මාලාවකට ජනතාවගේ කැමැත්ත විමසා ඇත. විශේෂයෙන්ම පෞද්ගලික දේපළ අයිතිය පිළිගැනීම, අග්‍රාමාත්‍ය නතතුරක් ඇති කිරීම​, ජනාධිපතිගේ ධූර කාලය වසර 5 බැගින් වූ දෙවරකට සීමා කිරීම​, ලිංගික වෙනස්කම් අනුව වෙනස් ලෙස සැලකීම තහනම් කිරීම​ සහ වරදකරු ලෙස ඔප්පු වන තෙක් චූදිතයා නිර්දෝෂීය යන මූලධර්මය නීතියෙන් පිළිගැනීම යනාදී සංශෝධන මෙහිදී හදුන්වා දෙනු ඇත.

කියුබානු පාලනය ප්‍රතිව්‍යුහගත කළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටිමින් එක්සත් ජනපද සම්බාධක දැනට වසර 60ක් තිස්සේ ක්‍රියාත්මක වේ. එම සම්බාධක අතර වෙනිසියුලාවේ රාජ්‍ය සහයෝගිතාවයෙන් ලබාදෙන තෙල් අහිමිවීමද කියුබාවට විශාල ගැටලුවක්ව තිබේ. පසුගිය කාලයේ කියුබානු ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් සිදුකරමින් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ සමාජවාදය අවසන් කිරීමේ පියවර බවට ඇතැම් විවේචන මතුව තිබේ.
විශේෂයෙන්ම පෞද්ගලික දේපළ අයිතිය පිළිගැනීම පිළිබද කියුබානු රජයේ තීරණය විවාදාත්මක සංවාදයක්ව තිබේ. මේ දක්වා කියුබාවේ පිළිගත් දේපළ නීතිය අනුව රාජ්‍ය, සමූපකාර, හවුල් ව්‍යාපාර දේපළ පැවති අතර පුද්ගල දේපළ ලෙස නිවාස හා ගොවිපළ ආදිය සීමිත පරිමාණයෙන් පවත්වාගෙන යන්නට හැකියාව ජනතාවට හිමි විය. එසේවුවද ජනමත විචාරණය සදහා පාදක වන ප්‍රතිසංස්කරණ යෝජනාද කොමියුනිස්ට් පාලනය ආරක්ෂා කිරීමේ පැලැස්තර බවට එක්සත් ජනපදයට පක්ෂපාති විචාරකයන් විසින් හදුන්වා දී තිබේ.