தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
කියුබාව 'ඔමික්‍රොන්' ව්‍යාප්තිය වැළැක්වීමට සූදානම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කියුබාව ‘ඔමික්‍රොන්’ ව්‍යාප්තිය වැළැක්වීමට සූදානම්!



‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමට කියුබානු එන්නත් වැඩි දියුණු කරන බව කියුබාව පවසයි.

‘කොවිඩ් 19’ වයිරසය මැඩලීමට කියුබානු විද්‍යාගාරවල පර්යේෂණ හරහා නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් කීපයක් අතුරින් ‘සොබර්නා 2’ නමැති එන්නත කැපී පෙනෙයි. කියුබාවේ ‘ෆන්ලේ’ ඖෂධ පර්යේෂණ ආයතනය විසින් මාසයකට ‘සොබර්නා 2’ එන්නත් මිලියන 10 ක් නිෂ්පාදනය කරයි.

මේ වනවිට කියුබාවේ ජනගහනයෙන් මිලියන 11 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ. ප්‍රතිශතයක් ලෙස එය සියයට 81 ක් බව පැවැසෙයි.