தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
කියුබාව තොරතුරු තාක්ෂණය හා පරිගණක මෘදුකාංග භාවිතයේ පෙරළියකට සූදානමින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කියුබාව තොරතුරු තාක්ෂණය හා පරිගණක මෘදුකාංග භාවිතයේ පෙරළියකට සූදානමින්



කියුබානු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවේශයක් ලෙස මෘදුකාංග භාවිතයේදී විවෘත මූලාශ්‍ර වේදිකාවලට (open source platforms) සංක්‍රමණය වීම සිදුවෙමින් තිබේ.

එසේම රට තුළ නිපදවන මෘදුකාංග හා යෙදුම් නිරන්තරයෙන් භාවිතා කිරීම තුළින් කියුබානු තොරතුරු තාක්ෂණ කර්මාන්තය ශක්තිමත් කිරීමට පමණක් නොව, අපගේ තාක්‍ෂණික ස්වෛරීභාවය සහ තොරතුරු සුරක්‍ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ද වැදගත් බව එරට රජයේ පිළිගැනීඹ වී තිබේ.
විශේෂයෙන් දීර්ඝකාලයක් පවතින ආර්ථික සම්බාධක හේතුවෙන් කියුබානු සමාජය මුහුණ දී තිබෙන අවහිරතා අතර තොරතුරු තාක්ෂණයේ ප්‍රවේශයන් සම්බන්ධ සීමාවන් දරුනු බලපෑමක් ඇතිකර තිබේ. වීවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතය ඊට කදිම පිළියමක් ලෙස සැළකාලිලට භාජනය වී ඇත.
මධ්‍යම රාජ්‍ය පරිපාලන ආයතන සහ නියෝජිතායතන, කියුබාවේ මහ බැංකුව, ජනරජයේ සාමාන්‍ය රේගුව, භෞතික සැලසුම් ආයතනය සහ ජාතික සංඛ්‍යාලේඛන සහ තොරතුරු කාර්යාලය, මේ යටතේ මෘදුකාංග භිවාතය වෙත නැඹුරුවීම ආරම්භ කර ඇති අතර 2020 දී ආරම්භ වූ කාලසටහනක් හරහා එය 2024 වන විට සම්පූර්ණ කිරීමේ ඉලක්කයක් ඇත.

මෙම තොරතුරු තාක්ෂණයේ සංක්‍රමණයට තාක්ෂණික නෝඩ්, සර්වර් සහ පුද්ගලික දත්ත මධ්‍යස්ථානවල මෙහෙයුම් පද්ධති, පරිගණක පද්ධති සඳහා සහාය වන පුද්ගලික ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක ඇතුළත් වේ.
අනෙක් අතට, ඉහත සඳහන් සෑම සංවිධානයක්ම සහ ආයතනයක්ම 2024 දෙසැම්බර් වන විට ක්‍රියාවලිය අවසන් කිරීම සහතික කිරීම සඳහා තමන්ගේම සංක්‍රමණික කාලසටහන් සකස් කළ යුතු බවද කියුබානු රජයේ බලධාරින් විසින් දන්වා ඇත. තාක්ෂණික උපදේශන සේවා සහතික කිරීම සඳහා සංවර්ධකයන්ඔවුන්ගේ සේවකයින් පුහුණු කිරීම සහ වෙනත් ආයතන සමඟ ගිවිසුම් සබඳතා ඇති කර ගැනීමට බැඳී සිටී.
මූලාශ්‍රය – Granma Web