தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල පාලන මිල ඉවතට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල පාලන මිල ඉවතට



කිරිපිටි,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (07)රාත්‍රී පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත් කිරීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ .

කිරිපිටි කිලෝවක මිල රුපියල් දෙසීයකින් ද ,ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්සීය පනහකිත්ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කැබිනට් මණ්ඩලයට පසුගියදා යෝජනා කර තිබිණි . නමුත් පාලන මිල ඉවත් කිරීමත් සමග කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 355 කින් පමණ වැඩිවීමේ අවදානමක් මතුව තිබේ. කිරිපිටි ආනයනකරුවන් විසින් ඊට අදාල යෝජනා පාරිභෝගික සේවා අධිකාරිය මේ වනවිටත් යොමුකර ඇත.

මේ අනුව සහල්වලට සිදුවූ ආකාරයටම සමාගම් විසින් නව මිල ගණන් තීරණය කිරීම සිදුවෙනු ඇති බවට මත පළවෙමින් තිබේ.