தமிழ்
English
Contact
Friday 16th November 2018    
කුමන්ත්‍රණකාරි බල මාරුවට එරෙහිව ජ.වි.පෙ. විරෝධය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුමන්ත්‍රණකාරි බල මාරුවට එරෙහිව ජ.වි.පෙ. විරෝධය!



“කුමන්ත්‍රණ පරදවන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජන බලය” යන තේමාව යටතේ හෙට(9) දිනයේදී මාතර, රත්නපුර, මහනුවර සහ අනුරාධපුර යන නගරවලදී උද්ඝෝෂණ සංවිධානය කරන්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාධය වෙත ප්‍රකාශ කර ඇති ආකාරයට හෙට පස්වරු 03.00ට මාතර නගරයේදී ජවිපෙ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන්, රත්නපුර නගරයේදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්, සහ මහනුවරදී දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙනුත් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතය.

කුමන්ත්‍රණකාරි ලෙස අගමැතිධුරයට මහින්ද රාජපක්ෂ පත් කිරීම හා තනතුරු, වරප්‍රසාද මෙන්ම කලු සල්ලි මත දේශපාලන බලය ඒකරාශි කර ආණ්ඩුවක් පිහිටුවීමට තම පක්ෂය විරුද්ධ බව පසුගියදා පැවති මාධය හමුවකදී ජ.වි.පෙ. නායක අනුර දිසානායක අවධාරනය කළේය. මෙම තත්වය නිවැරදි කිරීමට වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස බල කරමින් ජ.වි.පෙ. විරෝධතා ක්‍රියාමාර්ග ගනිමින් සිටී.