தமிழ்
English
Contact
Thursday 5th December 2019    
කුමන්ත්‍රණකාරි හස්තයක් ක්‍රියාත්මකයි! - රවුෆ් හකීම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුමන්ත්‍රණකාරි හස්තයක් ක්‍රියාත්මකයි! – රවුෆ් හකීම්



අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් පසුව රට අස්ථාවර කිරීමේ අරමුණින් ක්‍රියාත්මතවන අදිසි හස්තය කුමක්දැයි සොයා නොගතහොත් තවත් ප්‍රහාර පැමිණිය හැකි බවත් එසේම ආරක්ෂක පියවර අනවශ්‍ය ලෙස ප්‍රචාරය කිරීමද හානිකර බව ඇමති රවුෆ් හකීම් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මේ දිනවල සිදුවන මුස්ලිම් විරෝධි ප්‍රචාරයන් සම්බන්ධව අදහස් දැක්වීමට මුස්ලිම් ජනතා සංවිධාන සමග පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. මේ වනවිට මුස්ලිම් ජනයාට එරෙහි වෛර සහගත ප්‍රචාරයන් සිදුවන බවත් පල්ලි දහස් ගණනක් පරික්ෂාකර ආයුද සොයාගත් පල්ලි තුනක් පිළිබද විශාල ගෝෂාවක් කරමින් අන්තවාදයට අනවශ්‍ය ප්‍රචාරයක් දෙමින් සිටින බවද ඇමතිවරයා චෝදනා කළේය. විමර්ශන කටයුතු අත්‍යවශ්‍ය බැවින් ඒවා අඛන්ඩව පවත්වාගෙන යායුතු වුවද ඒවා අනවශ්‍ය ලෙස හුවාදැක්වීම ආරක්ෂක මෙහෙයුම්වලටද බාධාවක් බව හකීම් ඇමතිවරයා පෙන්වා දෙයි.

රට සාමාන්‍ය තත්වයට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම සහ අතලොස්සක් අපරාධකරුවන් හදුනාගැනීම අත්‍යවශ්‍ය පියවර වන නමුත් අනවශ්‍ය ලෙස කලබල කිරීමෙන් නැවත විනාශයක් සිදුවීම වැළැක්වීම වෙනුවට ප්‍රශ්නය තවත් සංකීර්ණ වන බව පෙන්වා දෙයි.

රට පුරා පිරික්සීම් සිදුවන අතර ඇතැම් අවස්ථාවල ආත්මාරක්ෂාවට තබාගෙන ඇති ආයුද මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දී ඇත. එහෙත් ඇතැම් අවස්ථාවල සොයාගෙන ඇති ආයුද මුස්ලිම් ජනයා ආත්මාරක්ෂාවට තබාගත් ඒවා බව පැහැදිලිය. මෙවැනි පිරික්සීම් වෙනත් ජනකණ්ඩායම්වල නිවාසද ඉලක්ක කරගෙන සිදුකළ හොත් මීටත් වඩා අධික අවි ආයුද සොයාගත හැකිවනු ඇත. ඒ නිසා මෙවැනි සිදුවීමකදී ජන කණ්ඩායම් පීඩාවට ලක් කිරීම නොකළ යුතු බව ඔහු පෙන්වා දෙයි..