Posted on 07.02.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්ෂි ලබාදීම සඳහා පැමිණ තිබේ.
සංගක්කාර අද (02) පෙරවරු 9.00 ට පමණ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබෙන අතර පස්වරු 2.00 වන විටත් එහි රැදී සිටි බව වාර්තා වේ.
සංගක්කාර මේ වන විටත් එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර හොබවයි.