தமிழ்
English
Contact
Thursday 29th October 2020    
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනමක්



කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ලත් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝග මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බව විනිසුරු මඩුල්ල අවධාරණය කර තිබුණි.