தமிழ்
English
Contact
Monday 26th October 2020    
කුරුණෑගල පුරාවිද්‍යා විනාශයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගත යුතුයි- විමර්ශන කමිටුව කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුරුණෑගල පුරාවිද්‍යා විනාශයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගත යුතුයි- විමර්ශන කමිටුව කියයි



කුරුණෑගල පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ලක් විනාශ කිරීමට අදාළව පරික්ෂණ කමිටුව සිය අතුරු වාර්තාව ඉදිරිපත් කරමින් ඒම වරදට වගකිවයුතු පුද්ගලයන් වහා ීතිය හමුවට පැමිවිය යුතු බව නිර්දේශ කර ඇත. මේ අනුව, පුරාවිද්‍යා පනතට අනුව, මෙම විනාශය සිදුකළ පුද්ගලයන් හා ඊට නියෝග දුන් අය අත්අඩංගුවට ගත යුතු බව පැහැදිලිය.
ජූලි 14 වැනිදා මෙම පුරාවිද්‍යා ස්ථානයේ ගොඩනැගිල්ල බුල්ඩෝසර් යන්ත්‍ර යොදවා විනාශ කිරිම සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් හට ගෙන තිබිණි. එසේම ඒම විනාශයට මුල් වූ කුරුණෑගල නගාරධිපතිවරයාට හා නගර පුලුල් කිරීමේ වැඩසටහනේ වගකිවයුත්තන්ට ඒරෙහිව මහජන විරෝධයක් ඇති විය.
මෙම විනාශ කළ මෙම ගොඩනැගිල්ලේ ඉතිහාසය 13 වැනි සියවස දක්වා දිවෙන අතර එය ඇතුගල්පුර රාජදානි සමයේ විසූ බුවනෙකබා රජුගේ රාජ සභාව කැඳවූ ස්ථානය ලෙස වාර්තා වී ඇත. 1940 අංක 9 දරණ පුරාවිද්‍යා පනතට අදාලව ඒවැනි ස්ථාන හා ද්‍රව්‍ය සංරක්ණය කළ යුතු අතර ඒ්වා වෙනස් කිරීම හෝ විනාශ කිරීම නිසා බරපතළ දඬුවම් හිමිවන ඇප ලබා දිය නොහැකි චෝදනාවන්ට හේතු වේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක විසින් ඒ සම්බන්ධ අතුරු වාර්තාව අද(22) අගමැති මහින්ද රාජපක්ෂට භාර දී ඇත.
ඒ අනුව නිර්දේශකර ඇති පියවර කෙටියෙන් මෙසේය.
විනාශ කළ ස්ථානයේ සංරක්ෂන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීම
ඒම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගැනීම
නගර සැලැස්ම සම්බන්ධව නැවත සළකා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම
ඒම පුරාවිද්‍යා ස්ථානය පුනස්ථාපනයට යන වියදම් විනාශයට වලකිවයුත්තන්ගෙන් අයකර ගැනීම
කෙසේවුවද ඒම චෝදනාවන්ට ලක්වූ අයට කිසියම් හිරිහැරයක් වන්නට ඉඩ නොදෙන බවට පොදුජන පෙරමුණේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ පවසා තිබේ.