தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
කුවේටයේදී විවිධ කරදරවලට මුහුණ දුන් විදෙස් ගත ශ්‍රමික කාන්තාවන් පිරිසක් ලංකාවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුවේටයේදී විවිධ කරදරවලට මුහුණ දුන් විදෙස් ගත ශ්‍රමික කාන්තාවන් පිරිසක් ලංකාවට



කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ , ශ්‍රී ලාංකික ශ්‍රමික කාන්තාවන් 58 දෙනෙකු අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණ තිබුණි .

මෙම කාන්තාවන් තමන් සේවය කළ නිවෙස් වලදී සිදුවන මෙම හිරිහැර , කරදර තවදුරටත් ඉවසා දරා ගෙන සිටීමට නොහැකි විට , ඔවුන් එම නිවෙස් වලින් පලා යමින් සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන , කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබේ .

පසුව ඔවුන් තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිට , මෙසේ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට එවා තිබුණි .

මෙම පිරිස අතර සිටි එක් ගෘහ සේවිකාවක් අසනීප තත්වයෙන් පසු වූ අතර , ඇයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දී , පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන පියස වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ .