தமிழ்
English
Contact
Thursday 29th October 2020    
කුවේට්හි සුරකෂා නිවසේ සිටින ශ්‍රමිකයන් බහුතරයකට කොරෝනා වැළඳිලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුවේට්හි සුරකෂා නිවසේ සිටින ශ්‍රමිකයන් බහුතරයකට කොරෝනා වැළඳිලා



කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට සහ සුරක්ෂා නිවහනේ දීර්ඝ කාලයක් තිස්සේ රැදී සිටින ශ්‍රමිකයන් 160 දෙනාගෙන් බහුතරයකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මේ අනුව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටි සුරක්ෂා නිවහන සඳහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් භාරගැනීම නතර කිරීමට තීරණය කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

මේ හේතුවෙන් තම සේවා ස්ථානවල යම් ගැටලුවක් මතු වුවහොත් තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත්, තානාපති කාර්යාලය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තම පැමිණිල්ල ඉදිරිපත් කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එරට සේවයේ නිරත ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට දැනුම් දී තිබේ.

මේ අතර වසා දැමුණු තානාපති කාර්යාලය හදිසි මහජන සේවා සැපයීම සඳහා පමණක් හෙට (18) දිනයේ සිට අර්ධ වශයෙන් විවෘත කරන බව ද කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.




Related News