தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
කුවේට් ගිය කාන්තාවන් 46ක් හිරිහැර විඳ, හිස් අතින් පැමිණෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුවේට් ගිය කාන්තාවන් 46ක් හිරිහැර විඳ, හිස් අතින් පැමිණෙති!




කුවේටයේ නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු  අද (14) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල බහුතරයක් සහ ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි කාන්තාවන් ලෙස තමන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මගින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙරටට පැමිණ තිබේ. ගෘහ සේවය සඳහා ගොස් සිටි ඔවුන් නිවෙස් හිමියන්ගෙන් සිදු වන හිරිහැර, කරදර තවදුරටත් ඉවසා ගෙන සිටීමට නොහැකි වීමෙන් එම නිවෙස් වලින් පළාගොස් සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙයින් 13 දෙනෙකු කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන් විසින් රදවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වන අතර, ඉතිරි 33 දෙනා, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ “සුරක්ෂා” රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි අය වූහ .
අද උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුහු ශ්‍රී ලංකා විදේශ  සේවා නියුක්ති කාර්යාංශයේ, ගුවන් තොටුපළ කාර්යාලයේ මේ පිළිබඳව පැමිණිළි කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියහ.