தமிழ்
English
Contact
Monday 26th October 2020    
කුසල් මෙන්ඩිස්ට ඇප | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුසල් මෙන්ඩිස්ට ඇප



ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු මෝටර් රථයේ හප්පා මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් ඊයේ (5) දින අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මියගිය පාපැදිකරු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබා දීමට සැකකාර ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ දී එකඟ විය.

එයින් රුපියල් ලක්ෂ 2 ක මුදලක් අද (6) දින ලබා දීමට ද කටයුතු කෙරිණි.

මෙම අනතුරෙන් මියගියේ 64 හැවිරිදි පානදුර හොරෙන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.