தமிழ்
English
Contact
Saturday 19th June 2021    
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි



කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කළ එම් බී රෝහණ පුෂ්පකුමාර එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තාවේ.
රසායනික පොහොර භාවිතය අවම කර කාබනික පොහොර ආනයනයට රජය තීරණය කිරීමත් සමඟ මතු වී ඇති පොහොර අර්බුදය ඔහුගේ ඉල්ලා අස්වීමට බලපා ඇතැයි ද සඳහන් වේ.

මාස 3ක් ඇතුළතදී කෘෂිකර්ම ලේකම්වරයෙක් ඉල්ලා අස්වූ දෙවන අවස්ථාව මෙය බව වාර්තා වේ.

දැනට මතුව ඇති පොහොර අර්බුදයට අමතරව මේ සඳහා බලපා ඇතිබව අනෙක් හේතුව වන්නේ කෘෂිකර්ම අමාත්‍යාශයට එල්ලවන දේශපාලන ඇඟිලි ගැසීමයි.