தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
කෘෂිකාර්මික භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනයට සීමා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෘෂිකාර්මික භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනයට සීමා



ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා එළවළු පලතුරු යනාදී කෘෂිකාර්මික භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනය කිරීම සීමා කර ඇතැයි සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද (10)පැවසීය.

ආනයනය සීමා කෙරුණු සෙසු භාණ්ඩ අතර ටයිල්, ග්‍රැනයිට්, ලී බඩු, ප්ලාස්ටික්, මුහුණු ආවරණ ,බයිසිකල් ,සබන්,ලුනු යනාදිය වන බවද හෙතෙම සඳහන් කර තිබේ.

ශෙහාන් සේමසිංහ මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ අගමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට ඔහු වෙනුවෙන් පිළිතුරු දෙමිනි.