தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
කෙරවලපිටිය අංගනයට කොළඹ කසළ එපාලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෙරවලපිටිය අංගනයට කොළඹ කසළ එපාලු!



කොළඹ නගරයෙන් එකතුකරන කසල බැහැර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීම ඊයේ(05) සිට නවත්වා දැමීමට තීරණයකර ඇත.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන පවසා ඇත්තේ කෙරවලපිටිය අංගනයට ලබාගත හැකි කසළ ධාරිතාව ඉක්මවා තිබෙන බැවින් හා මතුව ඇති විරෝධතා හේතුවෙන් මෙම තීරණය ගත් බවය. මේ හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ කසල අලුවක්කාලු කසල රඳවනය වෙත හෝ වෙනත් ස්ථානයකට බැහැර කිරීමට සිදුවනු ඇතැයි ද සභාපතිවරයා කීවේය.

පසුගිය 2017 වර්ෂයේ අප්‍රේල් මස 14 වන දින සිදුවූ මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් පසුව කොළඹ නගරයේ ඇතිවූ හදිසි කසළ ගැටළුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාලසීමාවකට යටත්ව අක්කර 20ක පමණ භූමියක් තුළ මෙම කසල අංගනය ආරම්භ කරණ ලදී. වසර දෙකකට වැඩි කාලසීමාවක් කෙරවලපිටිය කසළ අංගනය පවත්වාගෙන ගොස් ඇති නමුත් කොළඹ මහනගර සභා ප්‍රෙද්ශයේ කසළ විදිමත් ප්‍රතිචක්‍රිකරණයකට හෝ බැහැර කිරීමේ අංගනයකට යොමු කරන්නට බලධාරිහු තවමත් අපොහොසත්ව සිටිති.