Posted on 12.03.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කෙරවළපිටිය එල්.එන්.ජී. විදුලිබලාගාර ගණුදෙනුව සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දි ඇත.
පසුගිය රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරිමට යෝජිතව තිබූ එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු) ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡාවක් ඛනිජතෙල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී පැවසුණු පරිදි 63% රජයේ අයිතිය සහිත සමාගමකට එම කොන්ත්‍රාත්තුව භාර නොදී, චීන සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම මගින් ශ්‍රී ලංකා රජයට මේ වනවිට රු. බිලියන 90කට අධික මුදලක් අහිමිවී තිබේ.
මෙම එල්.එන්.ජී. ටෙන්ඩරය සදහා දේශීය සමාගමක් විසින් වැඩිම පිරිවිතරයන් ඉදිරිපත් කර තිබියදිත්, විදුලිබල අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ වුවමනාවට එම ටෙන්ඩරය අඩු මුදලක් සහිත පිරිවිතරයන් ඉදිරිපත් කර තිබූ චීන සමාගමකට ලබාදීමට අනුමැතිය ලබාදි තිබේ.