தமிழ்
English
Contact
Saturday 19th June 2021    
කෙහෙළිය කියා ඇත්තේ බොරු - ස්පුට්නික් එක් මාත්‍රාවක් ගැන විශේෂඥ නිර්දේශ නෑ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෙහෙළිය කියා ඇත්තේ බොරු – ස්පුට්නික් එක් මාත්‍රාවක් ගැන විශේෂඥ නිර්දේශ නෑ



ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බව විශේෂඥ කමිටුවක් නිර්දේශ කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවද එවැනි නිර්දේශයක් ලබාදී නොමැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසා තිබේ.

පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනේදී ස්පුට්නික් එක් මාත්‍රාවක් පමණක් හෝ ලබාගැනීමට කැමති බවට එන්නත්ලාභීන්ගෙන් ලියවිල්ලක් අත්සන් ලබාගෙන තිබුණි.

ඉන්පසු අවස්ථා කිහිපයකදී මේ පිළිබඳ අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බව විශේෂඥ කමිටුවක් නිර්දේශ කර ඇති බවයි.

නමුත් MediaLK වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසා ඇත්තේ මේ පිළිබඳ තවමත් පර්යේෂණ පැවැත්වෙමින් තිබෙන බවයි.

ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් ද යන්න ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කළ විමසීමක දී එම සංවිධානය පවසා ඇත්තේ ස්පුට්නික් එන්නත හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් තක්සේරු කරමින් සිටින බවයි. එමෙන්ම මෙම එන්නත භාවිතා කිරීම සඳහා අදාළ ප්‍රතිපත්ති නිර්දේශ නිකුත් කරන්නේ මෙම ක්‍රියාවලිය අවසන් වූ විට පමණක් බවද එම සංවිධානය පවසා තිබේ.