தமிழ்
English
Contact
Friday 14th August 2020    
කොටහේන ජින්තුපිටියේ පුද්ගලයන් 153 දෙනෙකු නිරෝධායනයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොටහේන ජින්තුපිටියේ පුද්ගලයන් 153 දෙනෙකු නිරෝධායනයට



කොළඹ මහ නගර සභාවේ සේවකයෙකුද ද ඇතුළුව කොටහේන ජින්තුපිටියේ පවුල් 29 කට අයත් පුද්ගලයින් 153 දෙනෙකු කන්දකාඩු හි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආචාර්ය රුවන් විජයමුනි පැවසීය.

වෛද්‍ය විජයමුනි පැවසුවේ දින 14 ක් නිරෝධායනය කිරීමෙන් පසු ජුනි 26 වන දින ආපසු නිවසට පැමිණ ඇති පුද්ගලයෙකු කොරෝනා ආසාදිත බව ඊයේ ( ජූලි 2) තහවුරු කරගත් බවයි.

නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ඔහු PCR පරීක්ෂණයේදී කොරෝනා වැළඳී නොමැති බව පෙන්වා ඇතත් ඊයේ යළිත් කොරෝනා වැළඳී ඇති බව සොයාගැනීමත් සමඟ ඔහුව IDH රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයන් අට දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කර ඇති නමුත් ඔවුන්ට කොරෝනා අසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජසිංහ පවසා ඇත්තේ රෝගියා සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් නිරෝධායනයට යොමුකර ඇති බැවින් සමාජය තුළ රෝගය පැතිරීමේ තර්ජනයක් නොමැති බවයි.