தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
කොටි ඝාතන ඉතිහාසයේ කලු කොටි ඝාතනය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොටි ඝාතන ඉතිහාසයේ කලු කොටි ඝාතනය



(පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් විසින් Facebook හි පළකරන ලද සටහනකි)

ලංකාවෙන් වද වී ගියේ යැයි විස්වාස කරනු ලැබු කලු කොටියා නැත්නමි Black
Leopards (Melanistic Leopard) ලංකාවේ හමුවන වර්ණ ප්‍රභේදයකි.

ලෝකයේම ජගුවර්, පැන්තරා වැනි විශේෂයන්ගේ 11% පමණ මෙම වර්ණ වෙනස්කම් පිහිටනු ලබයි. සම මත මෙලනින්වල බලපෑම නිසා ස් සහ රෝම කූපවල අධික හෝ ලා කලු වර්ණයන් (Melanistic) පිහිටයි. මෙය ඇල්බිනො (ඇලි) යන තත්වයේ සම්පූර්ණ විරුද්ධ පැත්තයි. කලු වර්ණය මෙම සත්ව ප්‍රජාවට සෙවනැලි සහිත බිම්වල සැඟවී සිටීමට මොවුන්ට ලැබුනු ⁣ඉමහත් වාසියකි. දිර්ඝ කාලයක් වඳවී ගියේ යැයි විශ්වාස කරන ලද මෙම කලු කොටියන් ලංකාවේ ශ්‍රීපාද වනය හා සප්තකන්‍යා වැනි ප්‍රදේශව ඉඳ හිට දැක තිබුණ බව මිනිසුන් විසින් කියනු ලැබුවත් එය කැමරාවක සාක්ෂි සහිතව සටහන් කරගනු ලැබුවේ මෑතකදිය.

ලොවෙන් වඳ වී යමින් සිටි මෙම සුවිශේෂි සත්වයන් ලංකාවේ සිටින බළල් පවුලේ සමාජිකයන් අතරින් විශාලම සත්ව විශේෂයේ කලු වර්ණ දරණ සුවිශේෂි කොටසකි. මියගිය කලු කොටියාත් සමග සතුන් 3 හො 4 දෙනෙක් වැනි ඉතා සුලු ඝනත්වයක් දැනට ලංකාව තුල ඇති බවට විශ්වාස කෙරිණි. කෑලෑ තුල ඇති ආහාර හිඟතාවත් මොවුන්ට ජීවත් වීමට තිබු කැලෑ එලි පෙහෙලි කිරීම නිසාත් දිනෙන් දින ලංකාවේ කලු කොටි මෙන්ම සමස්ත සත්ව ප්‍රජාවම අනතුරට ලක්වෙමින් ඇත.

පසුගිය රජය විසින් වල් ඌරන් ඝාතනයට අවසර දීමත් සමග උගුල් අටවා සතුන් ඝාතනය කිරීම දැඩි ලෙස ඉහළ ⁣ගොස් ඇත. එම උගුල් දඩයක්කරුවන් විසින් අටවනු ලබන්නේ සතුන් මස් පිණිස ලබා ගැනිමටත් මිත්‍යා මත හේතුවෙන් දිවියන්ගෙ සතුන්ගේ සම ඇතුලු කොටස් ලබා ගැනීමටත්ය. කුමන අරමුණක් ඇතිව සත්ව ඝාතන සිදුකළද එය සත්ව හිංසනයක් වන අතර වඳවී යාමේ දැඩි තර්ජනයකට ලක්ව ඇති දිවියා, කලු කොටියා වැනි සත්ව විශේෂ ඝාතනය කිරීම හා ඒ සඳහා සැළසුම් කිරීම අපරාධ ඝනයට වැටෙන අතර ඒ සඳහා වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව දඩුවම් ලබා දිය හැකිය. ලංකාවෙදි සතකු මිය ගිය විට බොහෝ විට ජනසමාජයෙන් චෝදනා ඒල්ල වන්නේ වනජීවි දෙපාර්තමේන්තුවටය. වන ජීවි දෙපාර්තමේන්තුව විසින් ජනයාට චෝදනා කරනු ලබයි.⁣ ටික දිනකින් සියල්ල අමතක කර තවත් සතකු ඝාතනය වූ විට පමණක් සියල්ලන්ටම සංරක්ෂණය මතක් වේ.

නමුත් සුවිශේෂී වු කලු කොටියා පමණක් නොව, රටක් වශයෙන් අපට ඇති ආවෙිණික සත්ව හා ශාක ආරක්ෂා කරගැනීමටවත් අපට සැලසුම් නැත. ඒ සඳහා සැළසුම් කොපමණක් හැදුවද , යොජනා කළද නිසි සංරක්ෂණය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවේ. කලු කොටියා මද්දට හසු වු පසු ඒම සතා බලන්න එතනට ගිය මිනිසුනුත්, වන ජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුවත් මෙි මරණයට වග කිව යුතුය. කලු කොටියා හො වෙනත් සතෙක් මද්දකට හසුවු විට පළපුරුදු බේරා ගැනීමේ කණඩායමක් හැර සතා ළඟට කිට්ටු වීම හෝ පෙන මානයේවත් සිටිය යුතු නොවේ. මන්ද මිනිසුන් දකිනවිට බයට පත්වන සතුන් පැනයාමට උත්සාහ දරනවිට තවතවත් මද්දට හිරවීම සිදුවන නිසාය. කලු කොටියා බැලීමට පැමිණි කිසිවෙක් ඒම සතා ගැනීමට තම වගකිම ඉටු කර නැත.

එමෙන්ම වනජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුව සතු නොයෙක් අපහසුකම් නිසා හෝ මෙම සතා අහිමිකර ගැනිමේ වගකීම ඔවුන්ද බාරගත යුතුය. රටක් වශයෙන් සුරැකිය යුතු දේ සුරැකිය යුත්තේය. ඒය මැතිවරණ පවත්වනවා මෙන්, හාල් මිල ඉහල දානවා හෝ අමාත්‍ය මණ්ඩලය වෙනස් කරනවා සේ කිසිම ලෙසකින් කළ නොහැකි නිසාය. මෙම සිදුවීම විසින් අපට නැවත නැවතත් කියන්නේ ආගම්, ජාති බේද නොමැතිව මනුෂ්‍යත්වය ඉහලින් තබා ජීවත්වන්නට එය ජනතාවට ඉගැන්විය යුතු බවයි. අනෙකාගේ ජාතිය, ආගම නො ඉවසන ජනයා කිසිම විටක කලු කොටියා ගැන හිතන්නේ කෙසේද?. පරිසර සංරක්ෂණය නීති වලින් කළ නොහැකි බව පරිසරවේදීන් පවා අවබෝධ කරගත යුතුය. ඒ වෙනුවෙන් යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීමට අප වග බලා ගමු.

රවීන්ද්‍ර කාරියවසම්