Posted on 10.05.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොතලාවල පනතට එරෙහිව සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවට සහභාගි වීම නිසා සිරගත කළ ක්‍රියාකාරීන් 5 දෙනා ඔක්තෝම්බර් 12 දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
ඊට අමතරව මෙම සිරගත කිරීම සම්බන්ධයෙන් ඇප ඉල්ලා හෝමාගම මහාධිකරණයේ පැවරූ නඩුව ද අද දිනයේ විභාගයට ගැනුණු අතර එම නඩුව මෙම මස 15වනදා දක්වා කල් දමා තිබේ. එයට හේතුව රජයේ නීතිඥයා විරෝධතා ගොනුකිරිම සඳහා කල් ඉල්ලීමයි.
පාර්ලිමේන්තුව අසළ අගෝස්තු 3 වැනිදා පැවති විරෝධතාවකදී මිනිපෙට්ටියක කාඩ්බෝඩ් අනුරුවක් පිලිස්සීම නිසා රාජ්‍ය දේපළවලට හානි කිරීම යටතේ චෝදනා කරමින් ආණ්ඩුවේ පොලිසිය විරෝධතාකරුවන් 5 දෙනකු සිරගත කරන ලදී. මෙම නඩු විභාගය විවිධ හේතු ඉදිරිපත් කරමින් කල් තබනු දක්නට ලැබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ චෝදනා විභාග කිරීමේදී මහෙස්ත්‍රාත්වරයා දෙවරක් නොපැමිණීම නිසා මෙම චෝදනා විභාගය කල්දැමීමෙන්ද විරෝධතාකරුවන් අසාධාරණයට ලක් වී තිබේ.
විශේෂයෙන්ම ඔවුන්ට කෝවිඩ් ආසාදනය වීම සිරගත කාලය තුළ සිදුවීම නිසා බන්ධනාගාරගත කිරීමෙන් ඔවුන් අනාරක්ෂිත තත්වයකට ඇද දමා ඇත්තේ පළිගැනීමට බව චෝදනා එල්ල විය.
අගෝස්තු 03 වනදා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මංසන්ධිය අසළ පැවති සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවට සහභාගි වී නිවස බලා යමින් සිටි සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි එදිනම අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන්පසුව, පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත එදින රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රි ජයවඑර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අගෝස්තු 05 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරු සංවිධානය කළ විරෝධතාවකට සහභාගි වීමට යමින් සිටියදී නාඳුනන කණ්ඩායමක් විසින් පැහැර ගැනීමට ලක් විය. එදිනම රාත්‍රියේ රූපවාහිනී සංවාදයකට සහභාගි වීමෙන් පසු නිවසා කරා යමින් සිටියදී 06 වනදා පාන්දර අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබීය. අගෝස්තු 13 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂන ශිෂ්‍යයා අත්අඩංගුවට ගනු ලැබිණි.