தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
කොතලාවල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත්කර ගත යුතුයි! - ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොතලාවල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත්කර ගත යුතුයි! – ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය



ලංකාවේ ඉංජිනේරුවන්ගේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL),කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත්කර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

කොතලාවල පනත මගින් රටට හා රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට හා නිදහස් අධ්‍යාපනයට බලවත් අගතියක් සිදුවන බැවින්, මේ පනත් කෙටුම්පත සම්පුර්ණයෙන්ම අකුළාගත යුතු බව IESL ආයතනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ, අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා ඔවුන්ගේ ලේකම් වරුන්ට මෙම ලිපියේ පිටපත් යොමුකර ඇත. ජූනි 19 වෙනිදා යැවූ මේ ලිපියේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) හා සමාන්තර තවත් ආයතනයක් ලෙස KNDU ආයතනය ස්ථාපනය කිරීමේ අගතිය පැහැදිලි කර තිබේ.

විශේෂ කාර්යභාරයක් වෙනුවෙන් පිහිට වූ එකල පිහිට වූ කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සන්නද්ධ සේවා සාමාජිකයන්ට අමතරව රාජ්‍ය සේවකයන් හා සියලු දෙනාට විවෘත කිරීම අතිශයින්ම විනාශකාරී බවත් නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීම රජයෙ වගකිම බවද , මේ ලිපියෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය අවධාරණයකර සිටී.

1906 දී පිහිට වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය 20,000 කට අධික මෙරට ඉංජිනේරුවන්ට අදාළ එකම වෘත්තියවේදී සංවිධානයයි.