தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
කොතලාවල පනත ලබන 6වෙනිදා විවාදයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොතලාවල පනත ලබන 6වෙනිදා විවාදයට



ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ තවදුරටත් සලකා බැලීමෙන් අනතුරුව ලබන මස 6 වැනිදා විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

මේ පනත පසුගියදා ඇමැති චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් ඒ පිළිබඳ පළමු දින විවාදය පැවැත්වා තිබේ.

නමුත් පසුගිය ජුලි මස 16 වන දින බෞද්ධ උපදේශන සභාව හමුවේ අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා පනත සංශෝධනය කර ඒ යටතට ගන්නා බවයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා පනත නම් පනතක් නොමැති නිසා ආණ්ඩුව විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට උත්සාහ කරන බව කොතලාවල පනතට එරෙහි පිරිස් විසින් සඳහන් කර තිබුණි. මේ හරහා උත්සාහ කරන්නේ කොතලාවල පනත හරහා කරන්නට සූදානම් වූ අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම බවද කොතලාවල පනතට එරෙහි ශිෂ්‍ය සංවිධාන, විශ්ව විද්‍යාල අචාර්යවරු , වාමාංශික පක්ෂ සහ බහුජන සංවිධාන පවසයි.

එසේම ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හරහා සම්මත කිරීම හරහා සිදුවන්නේද එම දෙයමයි.