தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
කොන්දේසි විරහිතව දේශපාලන සිරකරුවන් නිදහස් කරනු ! - සම අයිතියෙන් ලන්ඩන් විරෝධතාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොන්දේසි විරහිතව දේශපාලන සිරකරුවන් නිදහස් කරනු ! – සම අයිතියෙන් ලන්ඩන් විරෝධතාවක්



දීර්ඝ කාලයක් ලංකාවේ බන්ධනාගාර ගතකර සිටින දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනා ලෙසට ලංකා රජයට බලකරන උද්ඝෝෂණයක් ඊයේ (10) ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවත්විනි.
සම අයිතිය ව්‍යාපාරයේ මූලිකත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයට තමිල් සහයෝගිතා  සංවිධානයේ(Tamil Solidarity) තරුණ තරුණියන්  පිරිසක්ද එක්ව සිටි අතර යුදමය තත්වයක් නොමැති රටක මෙලෙස දේශපාලන සිරකරුවන් තවදුරටත් රඳවා තබා ගැනීම මූලික  මිනිස් අයිතිවාසිකම් අහිමි කිරීමක් බව පවසමින් ඔවුහු පුරා පැය දෙකකට අධික කාලයක්  ඔවුන් උද්ගෝෂනයෙයෙදී සිටියහ.
සම අයිතිය ව්‍යාපාරය වෙනුවෙන් මෙම උද්ගෝෂණයේදී කරුණු දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ එක්සත් රාජධානි ශාඛාවේ කැඳවුම්කරු සේනක හෙට්ටිආරච්චි  දේශපාලන රැඳවියන් ලෙස ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 13 ක රැඳවියන් 107  දෙනෙකු  සිරකරගෙන  සිටින  අතර ඇතැම් රැඳවියන් වසර 28 කට වැඩි කාලයක්  එකී බන්ධනාගාර තුල සිටියත් මේ වන තෙක්ම ඔවුන්ට චෝදනාවක්වත් ඉදිරිපත් කොට නැති බවද කියා සිටියේය.
“දේශපාලන රැඳවියන් සම්භන්ධයෙන් රාජපක්ෂ රෙජීමයට මෙන්ම වත්මන් ආණ්ඩුවටද ඇත්තේ  ඉතා සාපාරාධී ක්‍රියා පිලිවෙලක්.  යුද්දය පැවති කාලයේ කලක් එල් ටී ටී ඊ සංවිධානය පැත්තේ  සිටිමින් කටයුතු කල කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා කේ පී ලා වැනි පුද්ගයින්ට  නිදහසේ කටයුතු කිරීමට ඉඩදී ඇති ශ්‍රී ලංකා රජය එකී යුද්දයට සම්බන්ධ බවට  චෝදනා කරමින් තවත් පිරිසක් මෙලෙස දිගු කලක් තිස්සේ රඳවා සිටීම බරපතල අසාධාරණයක් මෙන්ම ජාතිවාදී ක්‍රියාවක්. අනෙක් පැත්තෙන් වත්මන් ආණ්ඩුව එදා ජේ ආර් ජයවර්ධන කියන හිටපු පාලකයා විසින් හදපු     ත්‍රස්තවාදී මර්ධන පනත අහෝසි කරන්න සූදානම් වෙනව කියල කිව්වත් ඒක අයින් කරන්නෙ ඊටත් වඩා දරුණු ගනයේ මර්ධන පනතක් සම්මත කරගන්න සූදානමින්. උතුර නැගෙනහිර  පමනක් නෙවි මුලු රටම ආණ්ඩුවේ මර්ධනයට ලක්කරන්නයි මේ සූදානම් වෙන්නෙ. කොන්දේසි විරහිතව  දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියල අපි සම අයිතිය ව්‍යාපාරය හැටියට බලකරනවා”
මේ උද්ෂඝෝෂනය යුරෝපයේ ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය ඇතුළු හැම රටකම පවත්වන බව හා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරීම් සිදුකරන බවද සම අයිතිය වයාපාරය වෙනුවෙන් එහි මහා බ්‍රිතාන්‍ය කැදවුම්කරු මෙහිදී  අවධාරනය කළේය.