தமிழ்
English
Contact
Monday 24th June 2019    
කොමිෂන්වලට නොරැවටී වැටුප් අරගලයට එක් වෙමු ! - වෛද්‍ය ආර්.එම්.ඩබ්. රණසිංහ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොමිෂන්වලට නොරැවටී වැටුප් අරගලයට එක් වෙමු ! – වෛද්‍ය ආර්.එම්.ඩබ්. රණසිංහ



වැටුප් කොමිසම මගින් සොච්චම් වැටුප් වැඩිවීමක් ලබා දී වැඩකරන ජනතාව රැවටීමට ඉඩ නොදී ජීවත්වීමට සරිලන වැටුප් වැඩි කිරීමක් ඉල්ලා අරගල කළ යුතු බව සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ආර්.එම්.ඩබ්. රණසිංහ පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ කලුතර, නාගොඩ මහ රා්හලේ කණිෂ්ට කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සදහා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රණසිංහ මෙසේද පැවසීය.

“වෘත්තිය සමිතියක වගකීමක් තමයි වැඩ කරන පන්තියට අවම ජීවන තත්වයක් හො ලබාගැනීමට කටයුතු කිරීම. නමුත් බොහෝ වෘත්තිය සමිති නිහඩයි. තවත් සමහරු ඉන්නෙම ඇමති කාර්යාලයේ. ඔවුන්ගෙන් වැඩ කරන ජනයාට කිසිදු සහනයක් හෝ සාධාරණයක් ඉටු වෙන්නෙ නෑ!“

කිසිදු කප්පාදුවකින් තොරව සියලු ආදේශක සේවකයන් ස්ථිර කළ යුතු බවත් ඔවුන් ස්ථිර කැගැනීමේ අරගලය තමන්ගේ උරමතට ගැනීමට ස්ථිර සේවකයන් විසින් කළ යුතු බවත්  සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා අවධාරනය කළේය.

අතිකාල රේට් ක්‍රමයට ලබා ගැනීම, පැය 6 වැඩ දිනයක් සහ දින 5 වැඩ සතියක් ලබා ගැනීම යන ඉල්ලීම් සදහා අරගල කළ යුතු බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. මේ අරගලවල ජයග්‍රහන සමස්තයක් ලෙස වැඩ කරන ජනතාවට හිමිකර ගැනීමටත් එහිදී සාමුහික ජයග්‍රහණවල තමන්ගේ පංගුව හිමිකරගැනීමටත්  සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය වටා ඒකරාශිවන ලෙසත් එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය රණසිංහ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.  සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ සභාපති දුමින්ද නිලන්ත විසින්ද මෙහිදී අදහස් පළ කරන ලදී.