Posted on 08.19.2018 by Nishshanka in ක්‍රීඩා පුවත් with 0 Comments
කොරියානු දෙරටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සාමාරම්භක අවස්ථාවට එක් ධජයක් යටතේ සහභාගීවී සිටි බව වාර්තාවේ.
දෙරට අතර එක්සත් භාවය සංකේතවත් කරමින් මෙවර 18 වන ආසියානු ක්‍රිඩා උළෙල සදහා කොරියානු අර්ධද්වීපය විදහා දැක්වෙන නිල්පැහැති කොඩියක් රුලෙන මෙවර කොරියානුවන් සහභාගිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසති.
මේ වසරේ පළමුවරට දකුණු කොරියාවේ ප්යොන්ග්චැන්ග් පැවැති පැරා ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාවටද දෙරටේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් කණ්ඩාඩායමක් ලෙස සහභාගිවිය.
කොරියානු දෙපාර්ශ්වය මෙසේ එක් කණ්ඩායමක් ලෙස එක්වන්නේ දෙරට අතර සාමය, සමගි හා සහෝදරත්වය ගොඩනැගීමේ අරමුණෙනි.