Posted on 11.12.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් කොරෝනා මැඩලීමට මුදල් අවශ්‍ය බව පවසමින් විවිධ දානපතියන් හා ව්‍යාපාරිකයන්ගෙන් ඒකතු කළ කෝවිඩ් ආපදා අරමුදල සතු මුදල් වියදම් කළ අකාරය හා ඉතිරිව ඇති මුදල සම්බන්ධ අනාවරණයක් ජනාධිපති කාර්යාලය විසින් නිකුත්කර ඇත.
මේ වනවිට කොරෝනා වසංගතය විශාල ව්‍යාප්තියකට පත්ව තිබෙන අතර ජනතාව මුහුණ දෙන ගැටලුවලට කොරෝනා අරමුදලින් වියදම් කළ යුතු බවට හඬක් පසුගිය දිනවල මතු විය. ඒසේම ඒ අරමුදල සම්බන්ධ කිසිදු විනිවිදභාවයක් නැති තත්වයකට පත් වුවහොත්, ‘රණවිරු අරමුදල’ මෙන්ම ‘හෙල්පින් හම්බන්තොට’ නමින් පවත්වාගෙන ගිය සුනාමි අරමුදල සම්බන්ධ තත්වය ඇති විය හැකි බවට ඇතැමුන්ගේ ස්ථාවරය විය. ඒ අරමුදල්වල නියම ප්රතිලාභ අපේක්ෂිත වින්දිතයන් වෙත හිමි නොවූ බවද රාජපක්ෂ පවුල විසින් ඒවා අවභාවිත කළ බවටද ජනමතයක් ඇති විය.
කෙසේ වෙතත් ජනතාවගේ මෙන්ම විවිධ ආයතනවල පරිත්‍යාග මත ආරම්භ කළ මෙම අරමුදල පසුව ‘ඉටුකම’ අරමුදල ලෙස හඳුන්වමින් විශාල ප්රචාරක ව්‍යාපාරයක්ද ගෙන යන ලදී, ඉටුකම කොව්ඩ් 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල’ පිළිබඳ වියදම් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අනාවරණය කරන ලදී.
ඒ අනුව 2020 වසරේ මාර්තුවේ සිට ඔක්තෝබර් 31 දිනට ඉටුකම අරමුදලේ රු. 1,668,379,121.74 මුදලක් එකතු වී තිබේ. එසේම එම අරමුදල විසින් නොවැම්බර් 10 දින දක්වා රු. 402,190,701 ක මුදලක් වියදම් කර හෝ වියදම් සඳහා වෙන් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුර සඳහන් විය.
කෙසේවෙතත්, එකී වියදම් නිසි විගනනයකට ලක් කෙරෙන බවද ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.