தமிழ்
English
Contact
Friday 14th May 2021    
කොරෝනා අවදානම මැද වෙළෙඳ කලාපයේ කර්මාන්ශාලා 217 ක් විවෘතයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා අවදානම මැද වෙළෙඳ කලාපයේ කර්මාන්ශාලා 217 ක් විවෘතයි



දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග පවසා ඇත.

රජයේ නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කර්මාන්ත ශාලා වල සේවා කටයුතු නැවත මෙලෙස නැවත ආරම්භ කළ බවද අමාත්‍යවරයා පවසයි.

ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් සිය සේවා කටයුතු ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින කර්මාන්ත ශාලා වලට ඒ සදහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කළේය.

ඒ අනුව මේ වන විට මෙම කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වන බවත් සේවක සංඛ්‍යාවෙන් සියයට 20 ක පමණ වූ පිරිසක් යොදවා ගනිමින් හා කොරෝනා වසංගතය පාලනය කිරීමට අදාල සියලු සෞඛ්‍ය උපදෙස් අනුව මෙම කර්මාන්ත ශාලා සිය නිශ්පාදන කටයුතු ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක් යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටී.

ඒ අනුව කටුනායක නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 48ක නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. සේවක සේවිකාවන් 3971 එහි සේවය කරන අතර ආයෝජන මණ්ඩල සේවකයන් 60 දෙනෙකු සේවය කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පෙන්වා දේ.

බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 35ක කටයුතු වෙනුවෙන් සේවිකාවන් 6938 ක් මෙහි සේවය කරන අතර ආයෝජන මණ්ඩල සේවක සේවිකාවන් 61 දෙනෙකු සේවය කරති. සීතාවක පුර කර්මාන්ත පුරයේ ආයතන 18 ක සේවක සේවිකාවන් 1489 ක් සේවක කරති. එහි සේවය කරන ආයෝජන මණ්ඩල සේවකයන් සංඛ්‍යාව 33කි.

කොග්ගල කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 19 ක සේවක සේවිකාවන් 4092 ක් සේවය කරන අතර හොරණ කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 17 ක කටයුතු ආරම්භවී තිබේ. සේවක සේවිකාවන් 865 දෙනෙකු එහි සේවය කරති. වගවත්ත කර්මාන්ත උද්‍යානයේ කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලා 04 ක සේවක සේවිකාවන් 342 සේවය කරති.

වතුපිටිවල කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 10ක් හා මාවතගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 04ක් දැනටමත් සිය සේවා කටයුතු ආරම්භ කර තිබේ. පොල්ගහවෙල වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 05ක් දැනට සේවා කටයුතු ආරම්භ කර ඇත. මල්වතුහිරිපිටිය නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 06ක් වැඩ ආරම්භ කර ඇති අතර මිරිස්සවල වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 03ක වැඩ කටයුතු ආරම්භ කර ඇත.

නුවර කර්මාන්ත උද්‍යානයේ කර්මාන්ත ශාලා 20 සේවක සේවිකාවන් 2689 දෙනෙකු සේවය කරනු ලබයි.

අමතරව උතුරු හා නැගනහිර පළාතේ කර්මාන්ත ශාලා 12ක සේවා කටයුතු ආරම්භ කරතිබේ.

සෑම කර්මාන්ත ශාලාවක්ම දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පරීක්ෂාවට ලක්කරන බවයි. එහිදී සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි දැඩි ලෙස පරීක්ෂා කෙරෙන අතර ඊට අමතරව ආයෝජන මණ්ඩලවල මෙම කර්මාන්ත ශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කන්නේ දැයි දැඩි අවධානයෙන් පසුවන බවත් විශේෂ පරීක්ෂාවන්ට ලක්කරන බවත් ඇමතිවරයා පවසයි.

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් වෙනුවෙන් මැදිහත් නොවූ ආණ්ඩුවට සමාගම්වල ඉල්ලීම්වලට කන්දීමට ඉතා ලොකු තදියමක ඇතිව තිබෙන බව දක්නට ලැබේ. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල පිහිටි කර්මාන්තශාලාවල පවා කොරෝනා අවදානම පහව යාමටත් පෙර වැඩකටයුතු ආරම්භ කිරීමට අවසර ලබාදී තිබේ. ආණ්ඩුව විසින්ම සමාජ දුරස්ථකරණය පවත්වා ගන්න ලෙස ඉල්ලා තිබියදී වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් විශාල පිරිසක් එක් තැනකට රැස්කර ඔවුන්ව සෞඛ්‍ ආරක්ෂාව අවදානමකට හෙලන ලදී . එවන් ආණ්ඩුවකින් සහ තම සේවක සේවිකාවන්ට සහන සැලසීමට කිසිවක් නොකළ සමාගම්වලින් කොරෝනා අවදානම මැද සේවයේ නියුතු සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා සලසාවි යයි කෙසේනම් බලාපොරොත්තු විය හැකිද යන ප්‍රශ්නය මතුවේ.