தமிழ்
English
Contact
Sunday 31st May 2020    
කොරෝනා අසාදිත තවත් පුද්ගලයෙකු මිය යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා අසාදිත තවත් පුද්ගලයෙකු මිය යයි



කොරෝනා වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අයි.ඩී.එච්. රෝහලේ දී ඊයේ(01) රාත්‍රීයේ දී එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 73 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගනු තිබුණේ ඊයේ දිනයේ දීයි.

පළමුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.

එම රෝගියා හඳු‍නාගෙන කොළඹ IDH රෝහලට මාරු කරන අවස්ථාවේ(on Admission Death) දී මිය ගොස් තිබේ.

මෙම රෝගියා දියවැඩියාව, අධික ‍රුධිර පීඩනය, දීර්ඝ කාලින වකුගඩු අඩපණ වීම ආදි රෝග තත්ත්වයන්ගෙන් පෙළී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

රෝගීන් මෙලෙස තොරතුරු වසන් කිරීම හේතුවෙන් ගැටළු රැසකට මුහුණදිමට සිදුවන බව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ පවසා ඇත.

මෙම මරණයත් සමඟ කොවිඩ් නයින්ටින් වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 03ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය 28 වැනිදා මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබුණි.

දෙවන මරණය පසුගිය 30 වැනිදා වාර්තා වූ අතර වෛරසය ආසාදිතව සිටි 64 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස මිය ගොස් තිබුණි.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 146 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 122ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එසේම ඊයේ උදෑසනවන විට දිවයින පුරා රෝහල්වල කොරෝනා යයි සැක සහිත රෝගීන් 231ක් ප්‍රතිකාර ලබමින් සිටි බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.