தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
කොරෝනා ආසාදනයෙන් ලංකාවේ සිදුවූ 10වන මරණය වාර්තා වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ආසාදනයෙන් ලංකාවේ සිදුවූ 10වන මරණය වාර්තා වේ!



ලංකාවේදී කොරෝනා ආසාදනයෙන් සිදුව ඇති 10වන මරණය අද(25) දින වාර්තා වී ඇත.
කුවේට් සිට මෙරටට පැමිණි 52 හැවිරිදි කාන්තාවක්, ත්‍රිකුණාමලය මන්කිබ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටියදී මරණයට පත්ව තිබේ. පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මේ කාන්තාව හෘද රෝගයෙන් පෙළුණු තැනැත්තියක් බව ද කියනු ලැබේ.
මියගිය කාන්තාවගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඇය කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.