தமிழ்
English
Contact
Friday 14th May 2021    
කොරෝනා ආසාදිතයන් ලක්ෂය පනී - අද 880ක් හඳුනාගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ආසාදිතයන් ලක්ෂය පනී – අද 880ක් හඳුනාගනී



(TopNews) අද (24) දිනය තුළ වාර්තා වූ කොවිඩ් -19 වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 880 ක් දක්වා ඉහළ යාම නිසා සමස්තයක් ලෙස මෙරටදී හඳුනාගත් ආසාදිතයන් ගණන 1,00,571ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොළඹ, ගම්පහ සහ කුරුණෑගල කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණ සැලකිල්ලට ගෙන මෙලෙස ප්‍රකාශයට පත් කළ බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
රටපුරා කොරෝනා වසංගතය සීග්‍ර ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති තත්ත්වය යටතේ ජනතාව මේ සති අන්තයේ දැඩි පරිස්සම් කාරී ලෙස කටයුතු කමින් සංචරණය සීමා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදි කිරීම වැදගත් බවත් ඔහු ප්‍රකාශ කළේය .

ඊයේ දිනයේ පමණක් රෝගීන් 900ක් පමණ ආසාදිතයන් ලෙස හඳුනාගනනා ලදී.