தமிழ்
English
Contact
Sunday 24th January 2021    
කොරෝනා ආසාදිතයින් ගණන 2844ක් වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ආසාදිතයින් ගණන 2844ක් වෙයි



මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (09) දිනයේ අලුතින් ආසාදිතයින් තිදෙනෙකු හමුවී තිබේ. ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් දෙදෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ව සඳහන් කළේය.

මේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 254 කි.

සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2579ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර අද (10) අලුයම කටාර් රාජ්‍යයේ හා ජපානයයේ සිට ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු දිවයින්ට පැමිණ තිබේ.

එම පිරිස කටාර් ගුවන් සේවයට අයත් යානයකින් හා ජපානයයේ නරීටා ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණ තිබුණි.

එමෙන්ම ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මෙල්බර්න් නුවර සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියේ ය.