தமிழ்
English
Contact
Monday 26th October 2020    
කොරෝනා ආසාදිතයින් සහිත බ්‍රිතාන්‍ය නෞකාවකට කියුබාව සිය රටට ඇතුළුවීමට ඉඩ ලබාදෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ආසාදිතයින් සහිත බ්‍රිතාන්‍ය නෞකාවකට කියුබාව සිය රටට ඇතුළුවීමට ඉඩ ලබාදෙයි



කොරෝනා වයිරසයට ගොදුරුවූ මගීන් පස් දෙනෙකු රැගත් බ්‍රිතාන්‍ය නෞකාවක් වෙනත් රටවල් විසින් හරවා යැවීමෙන් පසු කියුබාවේ නැව්ගත කිරීමට අවසර ලබාදී තිබේ. The MS Braemar නම් මගීන් 600ක් රැගත් මෙම නෞකාව නැව්ගත කිරීමට අවසර ලබාදෙන රටක් සොයමින් දින දෙකක් පුරා මුහුදේ නැංගුරම් දමා තිබී ඇත. මෙම නෞකාවේ සිටින මගීන්ගෙන් බහුතරය බ්‍රිතාන්‍ය ජාතිකයන් බවද වාර්තා වේ.

රටවල් කිහිපයක්ම ප්‍රතික්ෂේප කිරීම නිසා බ්‍රිතාන්‍ය රජය කියුබාවෙන් උදව් ඉල්ලා තිබේ. කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ , “හදිසි තත්ත්වය සහ රෝගී ජනතාවගේ ජීවිතවලට ඇති අවදානම සැලකිල්ලට ගෙන කියුබානු රජය මෙම නෞකාව නැව්ගත කිරීමට අවසර දීමට තීරණය කර ඇති” බවයි.

මගීන් ගුවන් මගින් බ්‍රිතාන්‍යට සහ ඔවුන්ගේ මව් රටවලට යැවීමට නියමිත බව වාර්තා වේ. කියුබානු රජය වැඩිදුරටත් පවසන්නේ : “මෙය සෞඛ්‍යය මානව අයිතිවාසිකමක් ලෙස වටහා ගතයුතු , අපගේ පොදු අභියෝගයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළයුතු සහ විප්ලවයේ හා අපේ ජනතාවගේ මානවවාදී භාවිතයට ආවේණික වූ සාරධර්ම පෙන්වන සහයෝගීතාවයේ කාලයක් බවයි .”