தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
කොරෝනා ගැන ප්‍රථමවරට අනතුරු ඇඟවූ වෛද්‍යවරයෙක් වෛරසය හේතුවෙන් මරුට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ගැන ප්‍රථමවරට අනතුරු ඇඟවූ වෛද්‍යවරයෙක් වෛරසය හේතුවෙන් මරුට



කොරෝනා වයිසරසය සම්බන්ධයෙන් පළමුව අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයකු රෝග ආසාධනය වී අද(07) මිය ගොස් තිබේ.

34 හැවිරිදි ලී වෙන්ලියෑන් නම් එම වෛද්‍යවරයා අක්ෂි වෛද්‍යවරයෙකි. වෛද්‍ය ලී, පසුගිය දෙසැම්බරයේ 30 වැනි දින වූහාන්වල සිටින සගයන් වෙත වයිරසය සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබූ අතර, පසුව එසේ පැවසූ 8දෙනෙකු පොලිසිය විසින් බොරු ඕපාදූප ප්‍රචාරය කරන බව පවසා පොලිසියට කැඳවනු ලැබිණි. පසුව එම වෛද්‍යවරයා වයිසරය වැළඳුණු එක් රෝගියකුට ප්‍රතිකාර කරමින් ඒ බව තහවුරු කර තිබිණි.

එම වෛද්‍යවරයා වීරයකු ලෙස සලකන බවද, චීන රජය වයිරසය පාලනය කිරීමට දරන මෙහෙයුම සම්බන්ධයෙන් සිය ආවේගය ප්‍රකාශ කරන බවද වූහාන්හි පිහිටි ප්‍රධාන රෝහල නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

වයිරසයට ප්‍රතිකාර කිරීම සඳහා සිටින ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයකු වන මෙම වෛද්‍යවරයා මිය යාම වයිරසයේ පැතිරයාම සම්බන්ධයෙන්ද, වූහාන්වල වෛද්‍ය උපකරණ හිඟ රෝහල් සම්බන්ධයෙන් ද රතු එළියක් දල්වන බව විදෙස් මාධ්‍යවල අදහස වී තිබේ.

චීනයේ වයිසරයට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටින බොහෝ වෛද්‍යො කණ්ඩායම් මේ වනවිට අධික වෙහෙසට පත්ව සිටින අතර ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ ඇතුළු සෞඛ්‍ය උපකරණ නොමැති බව වාර්තා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද වෛද්‍ය ලීගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ.

ඊයේ දිනයේදී ද චීනයේ හුනාන් ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයේ සොන් යින්ජියේ නමැති 27 හැවිරිදි වෛද්‍යවරයා අඛණ්ඩව රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම හේතුවෙන් හෘදයාබාධයකින් මියගියේය.