தமிழ்
English
Contact
Monday 26th October 2020    
කොරෝනා ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න - සජිත් ප්‍රේමදාස | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න – සජිත් ප්‍රේමදාස



රටතුළ කොවිඩ් 19 රෝගය වාර්තාවීමත් සමග ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියි.

කොළඹ දී ඊයේ (13දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.

රට හා ජනතාව ගැන සිතා දේශපාලන වාසි අවාසි පසෙක තබා මෙම අවස්ථාවේ කටයුතු කළ යුතු බවද ඔහු පැවැසීය.

පාර්ලිමේන්තුවේ අවසන්වරට විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර තත්ත්වය පාලනය කිරිම වෙනුවෙන් අවශ්‍ය සියලුම සහාය ලබාදීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.