தமிழ்
English
Contact
Friday 14th August 2020    
කොරෝනා යුද්ධය මැද සායන රෝගීන්ට සෞඛ්‍ය අවදානමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා යුද්ධය මැද සායන රෝගීන්ට සෞඛ්‍ය අවදානමක්!



කෙරෝනා වසංගතය නිසා රටපුරා ඇඳිරි නීතිය යටතේ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමේ දුෂ්කරතා නිසා රෝගී ජනයා දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිති.

සාමාන්‍ය රෝහල් කටයුතු පවත්වාගෙන යාම නොකරන බැවින් සායනික ප්‍රතිකාර සඳහා පැමිණිය යුතු රෝගීන්ට සිය රෝගාබාධ නිසි කලට වෛද්‍ය අවධානයට ලක්කර ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව තිබේ.

විශේෂයෙන් වැඩි අවදානමක් සහිත හෘදය රෝගීන්, පෙනහලු ඇතුලු පපුවේ ආබාධ, දියවැඩියාව රෝගීන් ඇතුළු සායනික රෝගීන්ට අවශ්‍ය බෙහෙත් සායන මගින් කිකුත් කරන්නේ රෝගීන් පරික්ෂා කිරීමකින් තොරවය. පෙබරවාරි මසදී සායනයට පැමිණි පසුව පරික්ෂාකිරීමෙන් හෝ එසේ නොකර ඉන් පෙර නියම කළ ඖෂධ දිගටම පාවිච්චිකරන ලෙස රෝගීන්ට නියම කර ඇත. කෙසේවුවද රෝහල් සායනවලින් ඖෂධ නිකුත් කිරීමේ ක්‍රමයක් හඳුන්වා තිබුණද රෝහල්වල ඖෂධ හිගය නිසා සමහර දුර්ලභ හා මිල අධික ඖෂධ වර්ග මිලට ගැනීමට සිදුවී ඇත. එහෙත් ඉන්සියුලින් වැනි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වෙළඳපොළ හිගයක් ඇතිව තිබෙන්නේ ප්‍රාදේශීය ඖෂධ වෙළසල්වලට ැපයුම් පැමිණීමේ ප්‍රමාදයක් නිසා බව කියනු ලැබේ.

රට තුළ කිසිදු ඖෂධ හිගයක් නොමැති බව වෛද්‍ය සැපයුම් අංශය සහ ඖෂධ නීතිගත සංස්ථා නිලධාරිහු පවසති. නමුත් ප්‍රාදේශීයව රෝගීන්ට ඖෂධ සොයාගැනීමට සිදුව ඇත්තේ පෞද්ගලික ඖෂධ වෙළඳුන් වෙතින් නිසා ඔවුන් පවසන මිලකට ලබාගැනීම හැර විකල්පයක් නැත. මේ නිසා සමහර රෝගීන්ට ඒ සඳහා මසකට රැපියල් තුන් හාර දහසකට වඩා වැයකිරීමට සිදුවී ඇත.

ජීවත් වීමත් අසීරු වූ මෙවන් අවදියක ඖෂධ වියදම් ඉහළයාම ජනතාවට බරකි. ඇතැම් අවස්ථාවල සංවර්ධන නිලධාරින් විසින් සායන සටහන් පොත් එකතු කර ගෙන ගොස් ඇතත් එම බෙහෙත් නිසි වෙලාවට ලබාගන්නට හැකියාවක්ද නැත. දෛනික ඖෂධ වේලකින් ශාරීරික සෞඛ්‍ය පවත්වාගත යුතු බරපතළ ආබාධ ඇති රෝගීන් මේ නිසා මහත් අපහසුවට හා අවදානමට ගොදුරු වී ඇත. තවද අවධානයෙන් සෞඛ්‍ය තත්වය පවත්වාගෙන යායුතු පිරිසක් වෙනුවෙන් පවත්වාගෙන යන මාතෘ හා ළමා සායනවල තත්වය සතුටු දායක නැත. නියම කළ කාලසීමාවන් තුළ එන්නත් සහ පරීක්ෂා කිරීම් සිදු වන්නේ නැත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තියභාවය හා අත්දැකීම් සහිත ප්‍රවීනයන් සම්බන්ධ කරගෙන දේශපාලන නියෝජනයක් හා පරිපාලන යාන්ත්‍රනය සහිත සහන යාන්ත්‍රණයක් සකස්කරන ලෙස නොයෙකුත් පාර්ශව වලින් යෝජනා ලබා දුන් නමුත් ආණ්ඩුව දේශපාලන නායකත්වය ලෙස තමන් තනිව සියල්ල සිදුකරන බවට පෙන්වාලීමේ දුර්වල උත්සාහයක යෙදී සිටී.