தமிழ்
English
Contact
Thursday 29th October 2020    
කොරෝනා දෙවැනි රැල්ල විදේශ රටකින්? - හමුදාපතිගෙන් අනුමානයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා දෙවැනි රැල්ල විදේශ රටකින්? – හමුදාපතිගෙන් අනුමානයක්!



ලංකාවේ දෙවැනි වරටත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තියක් සඳහා හේතුවන්නේ විදේශයෙන් පැමිණි අයකු වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

හමුදාපතිවරයා මේ කරුණ සඳහන් කරන්නේ අද (18) පෙරවරුවේ ‘දෙරණ’ රූපවාහිනි ආයතනයේ ‘දෙරණ අරුණ’ වැඩසටහනට ප්‍රකාශයක් කරමිනි.
ඔහු එහිදී යම් ඉඟි කිරීමක් ලෙස පවසා සිටියේ මෙවර කෝවිඩ් 19 ආසාදනය ව්‍යාප්ත වන්නට විදේශ රටක සිට පැමිණියකු හේතුවන්නට ඇති බවය.
හමුදාපතිවරයා එම රූපවාහිනි වැඩසටහනට මෙසේ පවසා තිබිණී. “කන්දකාඩු කොවිඩ් පොකුරෙන් පසුව මෙරට සමාජය තුළ කොවිඩ් ආසාදන තිබුණේ නෑ. කොළඹ ප්‍රදේශය ගත්තත් සමාජයෙන් මතු වූ අවසාන පුද්ගලයා හමුවූණේ අප්‍රේල් මාසේ 30වැනි දා. ඒ් අතර විදේශ රටවලින් ලංකාවට පිරිස් පැමිණියා. මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06දෙනෙක් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා. ඒ අනුව බැලුවාම යම්කිසි ආකාරයක සොයා ගැනීම් අපි කරලා තියෙනවා. නමුත් අවසන් වශයෙන් ස්ථීර වෙනකම් කියන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙන්නේ.”
කෙසේවෙතත් විදේශ රටවල සිට මෙරටට පැමිණෙන සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීමද පරික්ෂණ සිදුකර නිදහස් කිරීමද භාරව ඇත්තේ හමුදාපත්වරයා ප්‍රධානත්වය දරණ වෙතය. පසුගිය කාලයේ බ්‍රැන්ඩික්ස් ආයතනය වෙත ඉන්දියාවේ සිට පැමිණි ඒම ආයතනයේම පිරිසක් නිසි නිරෝධායන පිළිවෙත් අනුගමනය කළාදැයි ප්‍රශ්න නැගෙන විට ඔවුන් හමුදාවේ මැදිහත්වීමෙන් නිරෝධායනය කළ බවට හමුදාපතිවරයා සහතික කර කියා සිටියේය. කෙසේවෙතත් මහජන පරික්ෂකවරුන්ගේ සංගමය පවසා ඇත්තේ තම වෘත්තිකයන් ඒවැනි කටයුත්තකට සම්බන්ධ වී නැති බවය. ලංකාවේ නිරෝධායන නීතිය අනුව ඔ්නෑම අයකු නිරෝධායනයට යොමුකර අධීක්ෂණය කරන්නනේ මහජන පරික්ෂකවරුන්ය.