தமிழ்
English
Contact
Friday 14th August 2020    
කොරෝනා බියෙන් පැමිණි පියාට සහ දුවට සහාය දුන් අයත් අත්අඩංගුවට අරන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා බියෙන් පැමිණි පියාට සහ දුවට සහාය දුන් අයත් අත්අඩංගුවට අරන්!



කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට ලංකාවට ආ දෙදෙනෙකුට සහය දුන් පුද්ගලයින් 06 දෙනෙකු මඩු හා මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පියා සහ දියණිය, ජූනි 02 වනදා ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයේ බෝට්ටුවකින්මන්නාරම් පණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයට පැමිණ සිටියදී මඩු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යවා තිබුණි.
ඒසේම ඔවුන් දෙදෙනාට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් පැමිණීමට සහය දුන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.