தமிழ்
English
Contact
Friday 14th August 2020    
කොරෝනා මඩින්න කෝටි 7000ක ණය සහ ආධාර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා මඩින්න කෝටි 7000ක ණය සහ ආධාර



කොවිඞ් 19 වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා විදේශ රටවලින් හා සංවිධානවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක් (රුපියල් කෝටි 7,000) වටිනා ණය හා ආධාර ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ අනුව ඉකුත් මැයි මස 22 වැනිදා වන විට ලැබී ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 173.6 ක් වන අතර ප්‍රදාන ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 75 හා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2ක් වටිනා භාණ්ඩ මෙරටට ලැබී ඇතැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ලෝකයේ විවිධ රටවලින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ලොක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන හා රටවල් මෙම ණය හා ආධාර ලබාදීමට එකඟ වී ඇතත්තවමත් එම ආධාර රජයට ලැබී නැතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම සමහර මුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය සේවා හා භාණ්ඩ ලබාගැනීමෙන් පසු බිල්පත් ඉදිරිපත් කළ යුතු බව කී ඇමතිවරයා මේවා තවමත් ගිවිසුම් පමණක් යැයි ද පවසා ඇත.