Posted on 01.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) මේ වනවිට කොරෝනා රෝගයෙන් ලෝකයේ ජනයා ලක්ෂ 200ක් මියගොස් තිබෙන බවත් දැන්වත් කොරෝනා වැළැක්වීමේ ප්‍රතිශක්තිකරණ එන්නත් බෙදාගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් වෙත යායුතු බවත් ඒක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසයි.
වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ලෝකයේ ප්රබලතම ආර්ථිකයන් හිමි රාජ්‍යයන් විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වැඩි සංඛ්‍යාවලින් එන්නත් තොග අත්පත් කරගනිමින් තිබෙන අතර ආර්ථික වශයෙන් බෙලහීන රාජ්‍යවල ජනයා අසරණවන බවයි. ආර්ථික හැකියාව නිසා යම් රාජ්‍යයක් තමන්ගේ පුරවැසියන් වෙනුවෙන් අතිරික්තයක් සූදානම් කළද ලෝකයේ වසංගතය අවසන් නොකළහොත් නැවත එය ව්‍යාප්තවන්නට නියමිත බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පෙන්වා දෙයි.
මේ හේතුව නිසා සියලුම රාජ්‍යයන්ට අවශ්‍යතාවන්ට සරිලන සමාන ආකාරයෙන් එන්නත් ලබාදීමේ වැඩිපිළිවෙළක් සඳහා මුල් පියවර තැබිය යුත්තේ බලවත් රාජ්‍යයන් බවද ඔහු සිය පණිවිඩයේදී අවධාරනය කර ඇත.
ගෝලීය වශයෙන් පොදු භාණ්ඩයක් ලෙස ‘කොවැක්ස්’ වැඩසටහනෙන් එන්නත් බෙදාහැරීම එක්සත් ජාතීන් විසින් මැදිහත්වන ව්‍යායාමයක් බව ඔහු ඒහිදී අනාවරණය කර ඇත.